විද්‍යාලයේ වර්තමාන තත්ත්වය
1998 ජනවාරි මස 26 වැනි දින සිට ජාතික පාසලක් ලෙස නම් කර ඇති මෙම විද්‍යායතනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය බාලක විදුහලකි. පළමුවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණියේ දක්වා පන්ති පැවැත්වෙන අතර 2008 වර්ෂයේ සිට ඉංග්රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන ලබාගැනීමේ පහසුකම ද පාසලේ නිර්මාණය වී තිබේ. මේ වන විට 6,7,8,9,10,11 පන්ති දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන ලබාගැනීමේ වරම දරුවන්ට හිමිව තිබේ. වත්මනෙහි මෙම පාසලෙන් විද්‍යා, ගණිත, වාණිජ, කලා, තාක්ෂණ, සෞන්දර්ය, ක්රීඩා යනාදී සෑම අංශයකින්ම සමන්විත අධ්‍යාපනක් ලබාගැනිමේ පහසුකම සැලසේ. කෘෂි විද්යාව, පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉඳිකිරිම් තාක්ෂණය සහ ඉංග්‍රීසි, ජපන්, හින්දි වැනි විදේශ භාෂා අධ්‍යාපනටද අවස්ථාව ඇත. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන් ක්රියාත්මක වේ.
පාසලේ දැක්ම
අපේ මෙහෙවර
ස්වශක්තියෙන් නැගි සිටින, බුද්ධිමත්, හික්මුණු, සහජීවනයෙන් කටයුතු කරන පරිසර හිතකාමි දරු පිරිසක් රටට දායාද කිරිම.
පාසල් ලාංඡනය
පාසල් ගීතය
සැරදේ සැරදේ විදුහල් මාතා
සිසුකැල හොබවන එඩියෙනි සැමදා
හද බැති පෙම් පා ගුණ ගී ගයමින්
පුදනෙමු බැතියෙන් විදුහල් මාතා
සිප් සතරින් අගපත් දරුවන් කැළ හෙළ දෙරණේ දස දෙස
පතුරා
ඔබ පළකළ යස කිතු රැස සිහිකර නමදිමු බැති ගී
ගයමින් සැමදා
සැරදේ සැරදේ විදුහල් මාතා.....
සූර වීර හෙළ විරුවන් බිහිකළ.
නාලන්දා මැදි විදුහල් මාතා
ඔබ සමරමු අපි සැමදා බැතියෙන්
Comments
Post a Comment