විදුහල් ඉතිහාසයෙන් බිඳක්

 

19 වන සියවස ආරම්භ වන විට මිනුවන්ගොඩ නගරය තරමක් ජනශුන්‍ය ප්‍රදේශයක් විය. මෙම ප්‍රදේශයේ රූස්ස තේක්ක වතු හරිත පැහැ නන්වමින් වැඩී තිබිණි. මේ තේක්ක වත්තක කොටසක් එළිකර පොල් අතු සෙවිලි කල කුඩා මඩුවක් තරම් වු පාසලක් එහි ඉදිකර තිබුණි.

1912 සිට ලිඛිත ඉතිහාසයක් ඇති මේ පාසලේ දරුවන්ට වැසි දිනවල අකුරු ඉගෙනීම සඳහා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. වැසි දිනවල පොල්අතු යටින් සූරා වැටෙන වැහි බිඳු තේක්ක වත්ත විද්‍යාලය මඩ වගුරක් බවට පත් කළේය. එවිට සිසු දරුවන් දිව යන්නේ අසල ගම්සභා කාර්යාලයටය. වැසි දිනවල පාසල පවත්වන්නේ ගම්සභා කාර්යාලයේය. දරුවන් දහස් ගණනකගේ නැණ නුවණ හදන හොඳ නොහොඳ කියා දෙන මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය නමින් ප්‍රකටව විරාජමානව වැජඹෙන විදුහලෙහි ආරම්භක කතා පුවත ඇරඹෙන්නේ මෙපරිද්දෙනි.

1912 පටන් ක්‍රම ක්‍රමයෙන් දිනෙන් දින වසරෙන් වසර මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලය භෞතික වශයෙන් මෙන්ම මානවීය සම්පත් අතින්ද වර්ධනය විය. මෙසේ ඇරඹුණු පාසල 1918 වසර වන විට මිනුවන්ගොඩ ද්විභාෂා රජයේ බාලිකා විද්‍යාලය නමින් ප්‍රසිද්ධ විය. මෙහි සිංහල පාසැල් හැරයාමේ විභාගය දක්වා පන්ති පැවැත්විණි.

මෙම පාසලට 1923 මුල් ගුරුතුමියක් පත්ව ආවාය. ඈ නමින් ඩී.එල්.ආර්.එම්. සමරවික්‍රමය. ඒ වසරේදි මුල් ගුරුතුමිය ඇතු`ඵව තවත් ගුරුවරියන් දෙදෙනෙක් මෙහි සේවය කළෝය. මුල් ගුරුතුමිය රු.44 ක මාසික වැටුපක් ද උපගුරුවරියන් රු. 25 ක වැටුපක් ද ලැබුවාය.

මේ අතරතුර 1924 දී ප්‍රධාන ආචාර්ය ධූරයට ඩී.එල්. නිශ්ශංක මහත්මිය පත්වූවාය. වසර 1943 වන විට මෙම විදුහලෙහි ගුරුවරු සංඛ්‍යාව 04 දක්වා වැඩි වූ අතර සිසුන් සංඛ්‍යාව 75 දක්වා වර්ධනයව විය. එකල මේ සිසු පිරිස සැලකිය යුතු ඉහළ සංඛ්‍යාවකි.

නිදහස් අධ්‍යාපනයේ පියාගේ ආගමනය සිදුවන්නේ මේ වකවානුව තුළදීය. ඒ අනුව මැදි විදුහල් සංකල්ප ඇරඹිනි. 1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥා පණතට අනුව 1943 නොවැමිබර් 02 දා පාසල මධ්‍ය විද්‍යාලයක් බවට පත්විය. මැදි විදුහල් වුවද මෙහි පැවතියේ එක් පාඨශාලා ගොඩනැගිල්ලක් පමණ.ි’ ඒ අනුව අප පාසලේ අනන්‍යතාව  ර්‍ණෂභෘඹීඔඍෂ් ෑඔ ෂභඔෑඨඍ්ෂඕී” ලෙස ඉහත අයුරින් ප්‍රකට විය. ආධුනික භට කණ්ඩායමේ පතළ කීර්තියක් හෙඹි ඊ.ඩබ්.පී. සමරසිංහ මේ පාසලේ ප්‍රථම විදුහල්ුපතිවරයාය. ඉන් අනතුරුව ටී.ජි.එස්. ගුණවර්ධන මහතා විදුහල්පතිවරයා ලෙස පත්වීම ලබා පැවතියත් නොබෝ කලකින් ඔහු විදේශ ගතවිය.

මේ විදුහලට ස්වර්ණමය යුගයක් උදා වන්නේ 1945 වසරේදීය. මේ වකවානුව තුළ විදුහල්පති ධූරය හොඹවන ලද්දේ ජේ.එම.එෆ්.ජි. ප්‍රනාන්දු මහතාය. ඔහුගේ බිරිඳ ද පුහුණු ගුරුවරියක් ලෙස මෙම විදුහලට සේවය කළාය. මේ අවධිය තුළ විදුහල සියලු අංශයන්ගෙන් සීඝ්‍ර වර්ධනයකට ලක් විය. සිසුන් සංඛ්‍යාව 500 ක් දක්වා වර්ධනය විය. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා තම අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් 1947 වසරේදී සමුගැනීමට ප්‍රථම මිනුවන්ගොඩ මැදි විදුහලට පැමිණ ජේ.එම්.එෆ්.ජි. ප්‍රනාන්දු විදුහල්පතිතුමා හමු වී පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමාට උපදෙස් දී ඇත. වසර 1948 දී ප්‍රනාන්දු  විදුහල්පතිවරයා ශිෂ්‍යත්වයක් යටතේ ලන්ඩන් නුවරට පිටත්ව ගොස් ඇත. මෙම මධ්‍ය විද්‍යාලයේ සිසුවකු ප්‍රථම වතාවට සරසවියට පිවිසීමේ භාග්‍ය උදාකර ගත්තේ 1951 වසරේ දීය. ඒ රංජනී පෙරේරා ශිෂ්‍යාවයි. ඔගඨගීග ගුණරත්න නැමති ශිෂ්‍යාව මාරි මියුසියස් හිගින්ස් ත්‍යාගයද දිනා ගනිමින් 1952 දී සරසවියට පිවිසීමට සමත් වූවාය. අනතුරුව ීග් කොරනේලිස් සිසුවා ප්‍රථම ශිෂ්‍යයා ලෙස ආචාර්ය හේවාවිතාරණ ත්‍යාගයද හිමිකර ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා 1952 දී සරසවි වරම හිමි කර ගත්තේය.

1945 දී දෙවන ලෝක යුද සමය ඇරඹීමත් සමඟ කොළඹ නගරයේ අනාරක්ෂිත තත්වයක් උදාවිය. එහෙයින් ආරක්ෂක පියවරක් ලෙස කොළඹ පිහිටි නාලන්දා විද්‍යාලය මිනුවන්ගොඩ ප්‍රදේශයටත්, හෝමාගම ප්‍රදේශයටත් ගෙන එන ලදී. එසේ ගෙන එනු ලැබූ නාලන්දා විද්‍යාලයේ කොටස මිනුවන්ගොඩ මිනු/නාලන්දා මහා විද්‍යාලය නමින් පිහිටුවූයේය. ඒ සඳහා මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය ඉඩකඩම් ලබාදී තිබුණි. එය වෙනම ම මිශ්‍ර පාසලක් ලෙස පවත්වාගෙන ගිය අතර කොළඹ සිට පැමිණි සිසු සිසුවියන් ආචාර්යවරු තදාසන්න ප්‍රදේශවල නැවතී අධ්‍යාපන කටයුතු වල නිරත වී ඇත.

මේ යුගයේ මිනුවන්ගොඩ මධ්‍ය විද්‍යාල ඉතාමත් සාර්ථකව ආසන්න ඉඩමේ පවත්වාගෙන ගොස් ඇත. පාසලට පැවැති දැඩි ඉල්ලුම මත සවස් වරුවේ දෙමළ මාධ්‍යයෙන් වෙනම විදුහල්පති වරයෙක් යටතේ  ර්‍ණසවස ඉස්කෝලේ” ලෙස මධ්‍ය විද්‍යාලයේම තවත් පාසලක් පවත්වා ඇත. ඒ භූමිය තුළම ප්‍රාථමිකය ලෙස තවත් පාසලක් පවත්වා ඇති අතර එය ප්‍රාථමිකයක් වූවද 11 වසර දක්වා පන්ති පවත්වා ඇත. ශිෂ්‍යත්ව විභාගයෙන් හා ඇතුලත්වීමේ විභාග වලින් සමන්විත සිසු සිසුවියන්ට මිනුවන්ගොඩ මධ්‍ය විද්‍යාලයට ඇතුලත්වීමේ අවස්ථාව හිමි වී තිබේ. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී එන සියලුම සිසු සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් ලැබුණු අතර ඒ සඳහා ඒ යුගයේ මසකට රු. 30.00 ක දීමනාවක් ලබාදී ඇත. දැනට පාසලේ පවතින ක්‍රීඩා පිටිය සැකසීම ඉඩකඩ ප්‍රමාණවත් නොවුණු නිසා පිරිමි නේවාසිකාගාරය බොරගොඩවත්ත ප්‍රදේශයට ගෙන ගොස් ඇත. පාසල් මධ්‍යයේ තිබූ විශාල සියඹලා ගස කපා ඉවත් කර ක්‍රීඩා පිටිය විශාල කර ඇත. පසු කාලයේ ඇතිවූ විවිධ ගැටලු සහගත අවස්ථාවන් නිසා පසුව පිරිමි නේවාසිකාගාරය වසා දමන ලදී.

වීරකෝන් විදුහල්පතිවරයාගේ යුගය අවසන් වන තුරුත් ගැහැණු නේවාසිකාගාරය පැවතුන අතර පසුව එය වසා දමා ඇත. මේ යුගයේ (1961 - 1968) පාසලේ දැඩි විනයක් තිබූ අතර ඒ තුළ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් පාසලින් නිර්මාණය විය. මිනුවන්ගොඩ මැදි විදුහල ආරම්භයේ සිටම නාලන්දා මහා විද්‍යාලයේ වාණිජ අංශයේ සිසු සිසුවියන් මධ්‍ය විද්‍යාලයට මාරු කර ඇත. 1972 වසරට ආසන්න වසරක නාලන්දා මහා විද්‍යාලයේ සිටි සියලුම පිරිමි ළමුන් මැදි විදුහලට මාරු කර යවා එම පාසල මිනු/නාලන්දා මධ්‍ය මහා (බාලි්කා) විද්‍යාලය ලෙසත් මැදි විදුහල මිනු /නාලන්දා (පිරිමි) විද්‍යාලය ලෙසත් නම් කර ඇත.  එහෙත් පිරිමි විද්‍යාලය තුළ සංගීත හා නැටුම් ඉගෙනීම සඳහා ශීෂ්‍යාවන්ට ද අවස්ථාව උදාකර දී තිබි ඇත. මේ යුගයේම මිනු /නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය තුළ වෙනම ම ප්‍රාථමික අංශයක් ද ආරම්භ කර ඇත.

1978 වසරේදී මිනුවන්ගොඩ යාබද ජාපාලවත්ත ප්‍රදේශයේ තෝරාගත් සිසුන්ගෙන් හය වසර සිට ඉහළ පන්ති සහිත පාසලක් ඇරඹුනි. මේ හේතුව නිසාම මධ්‍ය විද්‍යාලය යළිත් පිරිහීමට ලක් විය. කලින් කල විදුහල්පතිවරුන් සේවයේ නියුතු වුවද නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයට යලිත් ස්වර්ණමය යුගයක් ඇරඹෙන්නේ 1984 වසරේදී වී.වී. මුණසිංහ පාසල තුළ අධ්‍යාපනික හා ක්‍රීඩා අංශ වල දියුණුව හා ළමුන්ගේ චර්යා රටා පවා වෙනත් පාසල් වලට ආදර්ශමත් වන ලෙස සැකසීමට එතුමා සමත් විය. 1977 වසරේදී එතුමා විශ්‍රාම ගැනීමත් සමඟම විදුහල යළි පිරිහීමට ලක්විය. 1997 සිට 2006 වසර දක්වා කාල සීමාව තුළ නාලණ්දා මැදි විදුහලට විවිධ වූ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. 2006 වසරේදී වර්තමාන විදුහල්පති ජේ.එච්.එම්.ආර්. ජයපත්ම මහතා ගේ සේවය විදුහලට ලැබිමත් සමඟ විදුහල යළි දියුණුවේ මඟට අවතීර්ණ විය.

වර්තමානයේ නාලන්දා මැදි විදුහලේ සිප්සතර හදාරන සිසුන් සංඛ්‍යාව 3530 කි. ගුරු මණ්ඩලය 132 කි. උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් 130 ක් ද කලා අංශයේ 130 ක්ද වාණිජ අංශයේ සිසුන් 225 ක් ද ඉගෙනුම ලබති.  අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව ක්‍රීඩා අංශයෙන් ද ජය කෙහෙළි නැංවීමට මිනුවන්ගොඩ මැදි විදුහලේ සිසුන් සමත් වි ඇත.

ඒ අතර 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් බටුවත්ත මහා විද්‍යාලය සමග පැවති තරගයේදී එක ලකුණකට බටුවත්ත මහා විද්‍යාලයේ සියලුම ක්‍රීඩකයින් දවාලීමට සමත් වීම පාසල් ක්‍රිකට් තරග මාලාවක අනගි භවනීය වාර්තා සටහනකි. 1994 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලේදී විද්‍යාලීය ආදී ශිෂ්‍යාවක් වන පුෂ්පමාලි රාමනායක රන් පදක්කමක් දිනා ගැනීම ද සුවිශේෂි සිද්ධියකි. එය වඩාත් වැදගත් වන්නේ වසර 40 කට පසු (ඩන්කන් වයිට් මහතාගෙන් පසුව) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලකදී රන් පදක්කමක් දිනා ගැනීම හේතුවෙනි. මහාචාර්යවරු , කථිකාචාර්යවරු, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතු`ඵ සිරිලක සුවිසල් කලාකරුවන් රැසක් නාලන්දාවෙන් සිරිලකට දායාද විය. විෂය සමගාමී කරුණු පමණක් නොව විෂය බාහිර කරුණු අතින් ද සංවරය හා හික්මීම , අධ්‍යාත්මික ගුණ වගාවන් ද මිනුවන්ගොඩ නාලන්දාවන් පොහොසත් විය. එබැවින් අද වන විට එය පතාක යෝධයකු සේ ප්‍රදේශයේ දරුවන්ගේ නැණ නුවණ වඩවන විරාජමානව වැජඹේ.

 

Comments