විදුහල් ඉතිහාසයෙන් බිඳක්
19 වන සියවස ආරම්භ වන විට මිනුවන්ගොඩ නගරය තරමක් ජනශුන්‍ය ප්‍රදේශයක් විය. මෙම ප්‍රදේශයේ රූස්ස තේක්ක වතු හරිත පැහැ නන්වමින් වැඩී තිබිණි. මේ තේක්ක වත්තක කොටසක් එළිකර පොල් අතු සෙවිලි කල කුඩා මඩුවක් තරම් වු පාසලක් එහි ඉදිකර තිබුණි. 1912 සිට ලිඛිත ඉතිහාසයක් ඇති මේ පාසලේ දරුවන්ට වැසි දිනවල අකුරු ඉගෙනීම සඳහා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. වැසි දිනවල පොල්අතු යටින් සූරා වැටෙන වැහි බිඳු තේක්ක වත්ත විද්‍යාලය මඩ වගුරක් බවට පත් කළේය. එවිට සිසු දරුවන් දිව යන්නේ අසල ගම්සභා කාර්යාලයටය. වැසි දිනවල පාසල පවත්වන්නේ ගම්සභා කාර්යාලයේය. දරුවන් දහස් ගණනකගේ නැණ නුවණ හදන හොඳ නොහොඳ කියා දෙන මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය නමින් ප්‍රකටව විරාජමානව වැජඹෙන විදුහලෙහි ආරම්භක කතා පුවත ඇරඹෙන්නේ මෙපරිද්දෙනි. 1912 පටන් ක්‍රම ක්‍රමයෙන් දිනෙන් දින වසරෙන් වසර මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලය භෞතික වශයෙන් මෙන්ම මානවීය සම්පත් අතින්ද වර්ධනය විය. මෙසේ ඇරඹුණු පාසල 1918 වසර වන විට මිනුවන්ගොඩ ද්විභාෂා රජයේ බාලිකා විද්‍යාලය නමින් ප්‍රසිද්ධ විය. මෙහි සිංහල පාසැල් හැරයාමේ විභාගය දක්වා පන්ති පැවැත්විණි. මෙ...